ඡන්ද හිමියන්ට වෙනත් ඡන්ද පොළකදී ඡන්දය ලබාදීමේ පහසුකම් ලබාගැනීමට ඉල්ලුම් පත්ර බාරදිය හැකි කාලසීමාව 10 දායින් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි. මෙවර මහ මැතිවරණයේදී තමන්ගේ ඡන්ද පොළ පිහිටි ප්ර‘දේශයේ පවතින තත්ත්වය හේතු කොටගෙන එම ඡන්ද පොළට ගොස් ඡන්දය දීමට නොහැකි වෙතැයි සාධාරණ බියක් ඇති ඡන්ද හිමියන්ට වෙනත් ඡන්ද පොළක් ලබාදීමට මැතිවරණ කොමසාරිස් කාර්යාලය තීරණය කර තිබේ.