වර්තමාන ආණ්ඩුවේ යම් යම් වැරදි තිබුණද වෙනත් ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවක් නැතැයි නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා සඳහන් කළේය.
මේ ආණ්ඩුවේ සුළු සුළු වැරදි සිදු වන බවත්, එම වැරදි සකස් කරගැනීමට ජනතාව සමග එක්ව බලපෑම් කරන බවත් අද (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කළ යුතු බවත්, පොරොන්දු කඩ කර යාමට ඉඩ ලබානොදෙන බවත් ඒ මහතා කියා සිටියේය.
පොරොන්දු ඉටු කරන ලෙස ඉල්ලා මේ මස 15 වැනිදා සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ හා වර්තමාන ආණ්ඩුව බලයටපත් කිරීම සඳහා කටයුතු කළ සියලුම පාර්ශ්ව එක්ව කොළඹ විහාර මහාදේවි පිළිරුව ඉදිරිපිටදී සත්යග්රහ ව්‍යාපාරයක් හා බලකිරීමේ සමුළුවක් පවත්වන බවද හෙතෙම පවසා සිටියේය.