වෙඩිතබා හෝ පෙළපාළි නතර කරන්න
වෙඩිතබා හෝ පෙළපාළි නතර කරන ලෙස ජනතාව පවසන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (18දා) පැවසීය.
පසුගිය ආණ්ඩුව සිදුකළ ආකාරයෙන් වෙඩි තබා උද්ඝෝෂණ මර්දනය කළ ආකාරය යළිත් ගෙන එන්නැයි ජනතාව පවසන බවද මහලේකම්වරයා සඳහන් කළේය.
ධීවර හා ජලසම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වු මහින්ද අමරවීර මහතා,
''පෙළපාළිවල යම් සීමාවක් තියෙන්න ඕන. මේ සටන්වලින් පීඩාවට පත්වෙන්නේ මහජනතාව. ඊයේ හැසිරීම් ගැන මම කනගාටු වෙනවා. හරියට යුද්ධෙ කාලේ වගේ පෙළපාළිකරුවන් හැසිරුණේ. අධිකරණ නියෝග තුට්ටුවකට මායිම් නොකිරීම කනගාටු තත්ත්වයක්.
පසුගිය ආණ්ඩුව වගේ වෙඩි තියලා හරි මේවා නවත්වන්න ඕන කියන මට්ටමට මහජනතාව පත්වෙලා. මම කියන්නෑ ඒවා කරන්න ඕන කියලා. මම අද උදේ ටිකක් ඇවිදින්න ගියා. පසුගිය කාලයේ වගේ මර්දනය කළා වගේ කළානම් හොඳයි කියලා ඒ වෙලාවේ මිනිස්සු මට කිව්වා. එක මිනිසෙක් කිව්වා පාරේ එහා පැත්තේ ඉඳන් මෙහා පැත්තට එන්න පැය තුනක් බලාගෙන හිටියා කියලා.
අපටත් බණිනවා ඇයි වෙඩි තියන්නෙ නැත්තේ කියලා. වෙඩි තියලා හරි මේ ප්‍රශ්නෙ විසඳන්න කියනවා. නමුත් අපි එහෙම කරන්න බලාපොරොත්තුවක් නැහැ. විරෝධතාවලින් ආණ්ඩුවට වැඩිය රිදෙන්නේ අහිංසක මිනිස්සුන්ට'' යනුවෙන් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

