වයස අවුරුදු 9ක කුඩා දැරියකට අධිබල අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තැබීම උගන්වන අවස්ථාවේදී අදාල දැරියට ගිනි අවිය පාලනය කරගැනීමට නොහැකි විමෙන්, එම පුහුණුකරුට වෙඩි වැදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇමෙරිකාවෙන් වාර්තා වෙයි.
ඇමෙරිකාවේ, ඇරිසෝනාහි වෙඩි බිමක සිදුවී ඇති මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ 39 හැවිරිදි චාර්ල්ස් වකා නමැති පුහුණුකරුවායි.
එම දැරිය සිය දෙමවුපියන් සමග වෙඩි බිමට පැමිණ ඇති අතර, එම අවස්ථාවේදී ඇගේ දෙමවුපියන් තම දියණියගේ වෙඩි පුහුණුව වීඩියෝ කළ හෙයින්, ඒ අවාසනාවන්ත අවස්ථාව වීඩියෝවට නැගී ඇති බවද පැවසෙයි.
මෙම අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියෙන් වෙඩි පුහුණුව ලබන විට එම දැරියට එය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් පසු, ඇගේ වෙඩි පුහුණුව අවසන් වී ඇත්තේ සිය පුහුණුකරුගේ හිස පසාරුකරගෙන යන වෙඩි ප්‍රහාරයක්ද සමගිනි.
වහාම අදාළ පුහුණුකරු ගුවනින් රෝහල්ගත කිරීමට කටයුතු කළත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව වෛද්‍යරු පවසා ඇත.
කෙසේ වෙතත්, ඇමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවල කුඩා දරුවන් පවා මෙසේ ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් පුහුණුවක් ලැබීම සාමාන්‍ය දෙයක් බව පැවසෙන අතර, බොහෝ වෙඩි බිම් ඒ වෙනුවෙන් ආරක්ෂිත පුහුණුවීම් සිදුකරන බවද පෙන්වා දෙයි.
නමුත්, හරි වැරැද්ද තේරුම් ගැනීමේ නිසි ඥානයක් හෝ ශරීර ශක්තිය පවා නිසියාකාරව නොමැති කුඩා දරුවෙකු අත ගිනි අවියක් තැබීමෙන් මෙවැනි දෙයක් සිදු නොවුනේ නම් එය පුදුමයක් වීමට තිබුණු බව වැඩි දෙනෙකු පවසන මතයයි.