මාලබේදී සිය බිරිඳට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා ලුතිනන් කර්නල්වරයාගේ සේවය අත්හිටුවීමට යුද හමුදාව කටයුතු කළ බව යුද හමුදා මාධ්‍ය ඒකකය කියයි.
යුද හමුදාපතිවරයා විසින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ උසාවියක් කැඳවීමට යුද හමුදාපතිවරයා නියෝග කර තිබේ. එසේම මෙවැනි සිදුවීම් වලදී වැරදිකරුවන් වන යුද හමුදා සාමාජිකයන්ට උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම නිවේදනයේ දැක්වෙයි.