සිය ග්රහණයේ පසුවෙන් ඒරීස් 13 නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා සෝමාලියානු ආරක්ෂක අංශ වෙඩි තබයි නම් එහි සිටින ශ්රී ලංකා කාර්ය මණ්ඩලය ඝාතනය කරන බව සෝමාලියානු මුහුදු කොල්ලකරුවෝ සඳහන් කරති.
සෝමාලියානු කොල්ලකරුවන් හා ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් අද (16දා) සිදුව ඇති අතර ඉන් අනතුරුව අබ්දුල්ලාහි නම් කොල්ලකරුවෙක් රොයිටර් පුවත් සේවය හා සම්බන්ධ වෙමින් පවසා ඇත්තේ තවත් එක් අවස්ථාවක් පුන්ට්ලෑන්ඩ් ආරක්ෂක අංශ වෙඩි තැබුවහොත් කාර්ය මණ්ඩලය ඝාතනය කරන බවයි.
ඒරීස් 13 නෞකාවේ ශ්රී ලංකා කාර්ය මණ්ඩලය අට දෙනෙකුගෙන් සමන්විත වෙයි.