යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී අලෙවි මණ්ඩලය මගින් මේ වනවිට වී මෙට්රික් ටොන් 102,797 ක් මිලදී ගෙන ඇතැයි අග්රාමාත්ය කාර්යාලය සඳහන් කරයි.
මෙම වී අස්වැන්නෙන් මෙට්රික් ටොන් 97,458 ක් නාඩු වී වන අතර, මෙට්රික් ටොන් 5069 ක් සම්බා වී බවත්, මෙට්රික් ටොන් 270 ක් කීරි සම්බා බවත් අග්රාමාත්ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
වී මිලදීගැනීමේ වැඩසටහන සඳහා රජය මෙවර රුපියල් 6000 ක් වෙන්කර ඇති අතර, ඉන් රුපියල් මිලියන 4652.56 ක මුදලක් මේ වනවිට වැයකර තිබේ.
මේ අතර වී අලෙවි මණ්ඩලය අතිරේක අස්වැන්න මෙට්රික් ටොන් 59,000 ක් මිලදීගැනීම සඳහා තවත් රුපියල් කෝටි 300 ක අතිරේක ප්රතිපාදන ඉල්ලා ඇති බවද අග්රාමාත්ය කාර්යාලය සඳහන් කරයි.
මේ වනවිට පොළොන්නරුව දිස්ත්රික්කයේ වී මෙට්රික් ටොන් 8,175 ක්, අම්පාර දිස්ත්රික්කයේ මෙට්රික් ටොන් 33,553 ක්, මාතලේ දිස්ත්රික්කයෙන් මෙට්රික් ටොන් 5,520 ක් වශයෙන් වී මිලදී ගෙන තිබේ.
කුරුණෑගල දිස්ත්රික්කයෙන් මෙට්රික් ටොන් 8,572, පුත්තලම දිස්ත්රික්කයෙන් මෙට්රික් ටොන් 3,945 ක්, මහනුවර දිස්ත්රික්කයෙන් මෙට්රික් ටොන් 32 ක්, බදුල්ල දිස්ත්රික්කයෙන් මෙට්රික් ටොන් 345 ක් වශයෙන් මිලදීගෙන තිබේ.
එමෙන්ම අනුරාධපුර දිස්ත්රික්කයෙන් මෙට්රික් ටොන් 23 ක්, හම්බන්තොට දිස්ත්රික්කයෙන් මෙට්රික් ටොන් 1,489 ක්, මොණරාගල දිස්ත්රික්කයෙන් මෙට්රික් ටොන් 3,492 ක්, රත්නපුර දිස්ත්රික්කයෙන් මෙට්රික් ටොන් 1,878 ක්, කිලිනොච්චිය දිස්ත්රික්කයෙන් මෙට්රික් ටොන් 2,835 ක් වන ලෙස වී මිලදී ගෙන තිබේ.
තවද මුලතිව් දිස්ත්රික්කයෙන් මෙට්රික් ටොන් 1,121 ක්, වවුනියාව දිස්ත්රික්කයෙන් මෙට්රික් ටොන් 2,706 ක් මඩකලපුව දිස්ත්රික්කයෙන් මෙට්රික් ටොන් 2,348 ක්, ත්රිකුණාමලය දිස්ත්රික්කයෙන් මෙට්රික් ටොන් 3,560 ක් වශයෙන්ද වී මිලදී ගෙන ඇතැයිද අග්රාමාත්ය කාර්යලය ප්රකාශ කර සිටියි.
පසුගිය මහ කන්නයේ මිලදී ගත් වී මෙට්රික් ටොන් 148,373.12 ක් මේ වනවිට ගබඩා 152 ක ගබඩා කර ඇතැයි වී අලෙවි මණ්ඩලය දැනුම් දී ඇති බවද අග්රාමාත්ය කාර්යාලය වැඩිදුරටත් ප්රකාශ කර සිටියි.