රජයේ සහතික මිලට වී මිලදී ගැනීම යටතේ මේ වනවිට වී මෙට්‍රික් ටොන් 2934ක් මිලදීගෙන තිබෙන අතර, ඒ වෙනුවෙන් ගොවි ජනතාව රුපියල් මිලියන 134.18 ක් ලබාදී ඇත.
මාස් කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් බිලියන 10ක් වෙන්කර තිබෙන අතර, එම මුදල් උපයෝගී කරගෙන සම්බා වී කිලෝවක් රුපියල් 50කට සහ නාඩු වී කිලෝවක් රුපියල් 45 ක මිලකට මිලදී ගනු ලබයි.
මේ යටතේ මේ වනවිට අස්වැන්න වෙළෙඳ පොළට නිකුත්වන දිස්ත්‍රික්ක 18ක වී මිලදී ගැනීම ආරම්භ කර තිබෙන අතර, ආසන්න වශයෙන් ගොවීන් ලක්ෂයකින් වී මිලදී ගැනීමටත් ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා මෙම වී මිලදී ගැනීම සිදුකරන අතර, සැබෑ ගොවීන්ගෙන්ම වී මිලදී ගැනීම සඳහා ගොවි හැඳුනුම්පත සහ පසුගිය කන්නයේදී සහනාධාර මිලට පොහොර ලබාගත් බිල්පත් පරීක්ෂා කිරීමද සිදුවේ.
වී මිලදී ගැනීම යටතේ නාඩු වී කිලෝ මෙට්‍රික් ටොන් 2506 ක් මිලදී ගෙන තිබෙන අතර, එහි වටිනාකම රුපියල් මිලියන 112.77 කි.
සම්බා වී කිලෝ මෙට්‍රික් ටොන් 428 ක් මිලදී ගෙන තිබෙන අතර, එහි වටිනාකම රුපියල් මිලියන 21.41කි.
රජයේ සමස්ත මිලදී ගැනීම වී මෙට්‍රික් ටොන් ලක්ෂ 02ක් වන අතර, ඒ සඳහා සෑම ගොවියෙකුටම සහතික මිල යටතේ වී කිලෝ 2000ක් අලෙවි කිරීමට හැකියාව තිබේ.