රජයේ වී මිලදී ගැනීමේ ප්‍රතිශතය ඉහළ දැමීම සඳහා වී ගබඩා සංකීර්ණ තුනක් අලුතින් ඉදිකර ගබඩා 40ක් ප්රතිසංස් කරණය කිරීමට සැලසුම් කර තිබෙන බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.
මේ අනුව නොච්චියාගම, ලුණුගම්වෙහෙර, වාලචෙනයි ප්‍රදේශවල රුපියල් මිලියන 30 බැගින් වියදම් කර ගබඩා 03ක් අලුතින් ඉදිකරන බවද හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව මහා පරිමාණ වී ගබඩා 05ක් හා මධ්‍ය පරිමාණ ගබඩා 35ක් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බවත්, ඒ සඳහා රුපියල් මිලියන 400ක මුදලක් වෙන්කර තිබෙන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.