වී අලෙවි මණ්ඩලයට ගිනි තැබූ බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩි. ලාල්කාන්ත මහතා පැවැසීය.
අද (07දා) දඹුල්ලේ පැවැති ගොවි හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“ඔව් ගිනිතිබ්බා. ඇයි ගිනි තිබ්බේ. එදා ඒක වී අළෙවි මණ්ඩලය නෙමෙයි, මැර කණ්ඩායම් ජනතාව රාත්රී කාලයේදී ගෙනිහින් මරණ තැනක්. නිල නොවන හා නිල නොවන හමුදාව ජනතාව මරන්න පාවිච්චි කරපු කඳවුරු. සටනක් ඇතිවුණාම ගහනවා තමයි. නම වී අලෙවි මණ්ඩලය වුණත්, දිස්ත්රික් ලේකම් කාර්යාලය වුණත් සටනක් ඇති වුණාම එහෙම වෙනවා.”