උද්ඝෝෂණයකට පැමිණි පිරිස විසුරුවා හැරීමට විහාරමහාදේවී උද්‍යානයට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ සියලුදෙනාට නීතිය ක්‍රියාත්මක කරන ලෙසට අද (18දා) ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
කිසිදු දැනුම්දීමක් නොමැතිව ස්ථාන දෙකක සිට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවත්, පැය දෙකකට අධික කාලයක් එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් සාමාන්‍ය ජනතාව දැඩි අපහසුතාවකට පත්වූ බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
විහාරමහාදේවී උද්‍යානය පොදු ස්ථානයක් බවත්, එම ස්ථානයේ ළමා උද්‍යානයක්ද පිහිටා තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
මේ පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බවද ඒ මහතා සඳහන් කළේය.