බෞද්ධ විහාරගම්, දේවාලගම් ආඥා පනත සංශෝධනය සඳහා වූ පනත් කෙටුම්පතක් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
විහාර, දේවාල හා නිලමේ තනතුරු සම්බන්ධව භික්ෂුන් වහන්සේලාට හා ගිහි පුද්ගලයින්ට අදාළ නීති මෙමගින් සංශෝධනය කරන අතර භික්ෂූන් වහන්සේ පිළිබඳ අර්ථ නිරූපණයක් ද මෙහි ඇතුළත්කර තිබේ.
“භික්ෂූණ් වහන්සේ යන්නෙන් පිළිගත්, ථේරවාදී, සම්ප්රදයානුගත, උපසම්පන්න භික්ෂූණ් වහන්සේ නමක් හෝ සාමණේරයන් වහන්සේ නමක් යන්න ඉන් අදහස් වෙයි”. යනුවෙන් එය සදහන්ය.