20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උතුරු පළාත් සභා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියලු දෙනාගේ ඒකමතික කැමැත්ත මත පරාජයට පත්කළ බව පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වී. ජයතිලක මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, උතුරු පළාත් සභාවට අද (04දා) අදාළ පනත ඉදිරිපත් කළ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ. ශිවඥානම් මහතා විසින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සභාවට ඉදිරිපත් කරනු ලැබූ අතර, පසුව දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරුන් හා විපක්ෂය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ද පනතට ඒකමතිකව විරුද්ධත්වය පළකරමින් කියා සිටියේ, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට ලබාදුන් බලතල 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නැවත පාර්ලිමේන්තුවට පවරා ගැනීමක් සිදුවන හෙයින් එයට විරෝධය පළකරන බවයි.
මෙහිදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ සහයෝගය ලබාදීමට හැකියාවක් නොමැති බවත්, නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් පළාත් සභා බලතල පාර්ලිමේන්තුව වෙත පවරා ගැනීමට සැරසෙන බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා සභාව හමුවේ පවසා සිටියේය.
මේ අනුව උතුරු පළාත් සභාවේ තීරණය ලබන 07 වැනිදා උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට දැනුම් දීමටද පියවර ගෙන ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.