විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ අප්‍රසාදය පළ කරයි. ‘විසි වෙනි සංශෝධනයට ඇතුළත් කරුණු මොනවාද යන්න ගැන තවමත් පැහැදිලි කිරීමක් නොමැති’ බවත් යාපනයේ අවතැන් ජනතාවට සිය ඉඩම් වල යළි පදිංචි වීමට තවමත් නොහැකි වී ඇති අතර එම ප්‍රශ්න විසඳෙන තෙක් පැරණි නියෝජනය දෙමළ ජනතාවට වැදගත් වන බවත් ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ. සිදු කිරීමට යන මැතිවරණ සංශෝධන පිළිබඳව බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මේබව පැවසීය.