උසස්පෙළ නව විෂය නිර්දේශය යටතේ විෂයන් තුනක ඉගැන්වීම කටයුතු ආරම්භ කර මාස 09ක් ගත වී තිබුණද, මෙතෙක් ඊට අදාළ විෂය නිර්දේශ සහ ගුරු අත්පොත් ලබා දී නැතැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
නව විෂය නිර්දේශ හඳුන්වා දීමට පෙර වසර කිහිපයක් ඒ පිළිබඳ සාකච්ඡාකරන බවත්, එසේ තිබියදීත් ගුරු අත්පොත් සකස් කරගැනීමට නොහැකි වී තිබෙන බවත් එම සංගමයේ කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
මේ නිසා ගුරුවරුන් හා ශිෂ්‍යයන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව තිබෙන බවත්, නව විශය නිර්දේශ භෞතික විද්‍යාවට, ජීව විද්‍යවට සහ රසායනික විද්‍යාවට ආදේශ වූ බවත් හෙතෙම පවසා සිටියේය.