විෂ සහිත ගෙඩි වර්ගයක් ආහාරයට ගැනීමෙන් රෝගී තත්ත්වයට පත්වූ කුඩා දරුවන් හය දෙනෙකු ඊයේ (17දා) කුලියාපිටිය රජයේ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත.
කුලියාපිටිය කිතලව ප්රදේශයේ පදිංචි අවුරුදු 03 හා 11 අතර පසුවන පිරිමි දරුවෝ සිව් දෙනෙක් හා ගැහැනු දරුවෝ දෙදෙනෙක් මෙසේ රෝහල් ගත කර සිටිති.
යාබද නිවෙස්වල පදිංචිව සිට ඇති මොවුන් ගෙවත්තක සෙල්ලම් කරමින් සිට ඇත. එහිදී එහි වැටක තිබූ මෙම විෂ සහිත ගෙඩි වර්ගය මොවුන් විසින් අනුභව කර ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ඒත් සමග ඇතුවූ ක්ලාන්ත ගතිය හා යුතු ආසාදන තත්ත්වය මත ඔවුන් වහාම කුලියාපිටිය රජයේ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගනු ලැබ තිබේ.
කුලියාපිටිය - චාමර විමලරත්න