පානදුර හා කළුතර පොලිස් කොට්ඨාස දෙක තුළ ඊයේ (08දා) සිදුකරන ලද විශේෂ රථවාහන මෙහෙයුමක් මගින් විවිධ රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු 173ක් ලැබී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඒ අනුව,
අඳුරු වීදුරු සහිත ධාවනය - 59ක්
ලියාපදිංචි නොකළ වාහන ධාවනය - 04ක්
ඉෂ්ට රූප සහිතව ධාවනය - 89ක්,
විවිධ හඬ සහිත නලා හැඩවීම - 21ක් ලෙස නඩු පවරා තිබේ.
ඉදිරි කාලයේදීද දිවයින පුරා මෙවැනි වැටලීම් සිදුකරන බවද පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.