ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ධ මහතා අතර අද පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡාවට ලක්වූ බව පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
මේ අතර එකී සාකච්ඡාව ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසන්නේ එහිදී විශේෂ කරුණු 5ක් ගැන අවධානය යොමු වූ බවයි.
ඒ අනූව ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය, පළාත් පාලන ආයතන විසුරුවා හැරීම, ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරඟ කිරීම, අපේක්ෂකයින් සඳහා නාමයෝජනා ලබාදීම, විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසය දේශපාලනීකරණය වීම යන කාරණා පිළිබඳව සාකච්ඡාකර තිබේ
අද සාකච්ඡාවේදී අවධානය යොමු කළ කරුණු ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවද අනුර ප්‍රියදර්ශන යාපා මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.