රාජපක්ෂවරුන්ට හෝ වෙනත් කවුරුන් හෝ වෙනුවෙන් අධිකරණයක් පිහිටුවනවා නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, රටේ නීතියට අනුව සිදුවිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
එසේ නොමැතිව අධිකරණ පිහිටුවිය නොහැකි බවත්, අධිකරණයක් පිහිටුවන බවට ඉදිරිපත් වූ කැබිනට් යෝජනාව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ එකක් බවත් එම පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී දිසානායක මහතා සඳහන් කළේය.
ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්බන්ධයක් නොමැති බවද පවසා සිටියේය.