ලොව විශාලතම මගී ගුවන් යානයක් වන A -380 එයා බස් වර්ගයේ ගුවන් යානයක් හදිසියේ ඉන්ධන ලබා ගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත 12/15 දින අලුයම පැමිණියේය .
මෙම ගුවන් යානය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සිට ඩුබායි බලා ගමන් ගනිමින් තිබූ එකකි.එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ - 413 දරන මෙම ගුවන් යානය 12/15 අලුයම 5.07 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
එම යානය තුළ මගීන් 405 ක් සහ කාර්යය මණ්ඩලය 25ක් සිටි අතර , ඔවුන් මෙම ගුවන් යානයෙන් පිටතට නොපැමිණියහ.යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව උදෑසන 6.40 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගියේය.