විශ්රාමිකයන් රවටා මුදල් වංචා කරන රජයේ නිලධාරීන් හෝ පුද්ගලයන් සිටී නම් ඔවුන්ගේ ඡායාරූප සහ ඔවුන් ගමන් ගන්නා රථවාහනවල ලියාපදිංචි අංක පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඒඅනුව ළඟම පිහිටි පොලිස් ස්ථානයට, 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට, ප්රාද්ශීය ලේකම් කාර්යාලයන්හි විශ්රාම වැටුප් නිලධාරීන්ට, කෙටි දුරකථන අංක 1970 ට එම තොරතුරු දැනුම් දෙන ලෙස විශ්රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී. ඩයස් මහතා පැවසීය.
ආණමඩුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය ඇතුළු දිවයිනේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවකින් විශ්රාමිකයන් රවටා මුදල් වංචා කිරීමේ සිදුවීම් ගණනාවක් වාර්තා වී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.