විශ්වාසභංගයට අත්සන් කළොත් බංග්ලාදේශයට වුණ දේ වෙයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනෙන විශ්වාසභංගයට අත්සන් කරන ඒකාබද්ධ විපක්ෂයට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට මෙන් නයි නටව නටව සිටීමට සිදුවන බව ග්‍රාමීය ආර්ථික අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය.
මිහින්තලේ පැවැති වැඩසටහනකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
“විශ්වාසභංගයට අත්සන් කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට වෙන්නේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායට වුණ දේ. නයි නටව නටවා ඉන්න. ඒකාබද්ධයේ ඉන්නේ පනස් ගණනක්. විශ්වාසභංගය ජයග්‍රහණය කරන්න 113 වැඩියෙන් ඉන්න ඕන.
පුද්ගලිකව මේක රනිල් වික්‍රමසිංහ මහතාට විතරක් ගේන විශ්වාසභංගයක් නොවෙයි. ආණ්ඩුවට විරුද්ධ විශ්වාසභංගයක්. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඒකට සහයෝගය දෙනව කියන එක තමන්ගේ අතින්ම බෙල්ල කපා ගැනීමක්. අපි එකාවගේ මේකට මුහුණදෙන්න සූදානම්.” යැයි පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                    
 
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                