ලබන 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුපක්ෂය තීරණය කර ඇති අතර එයට පක්ෂව ඡන්දය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
මේඅතර දෙමල ජාතික සංධානය මේහිදී ඡන්දය භාවිතකරනා ආකාරය පිළිබඳව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව එම පක්ෂයේ ආරංචිමාර්ග පැවසීය.