විශ්වාසභංග යෝජනාවට SLFP වැට උඩ සිටීමට අයිතියක් නෑ
ʻʻ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ වී පළාත් පාලන ආයතන තුළදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව කටයුතු කිරීමට ඉදිරිපත් නොවිය යුතු යැයි ʼʼ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ අද (26දා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
ʻʻ රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිඇමතිවරුන්ට වැට උඩ සිටීමට කිසිම අයිතියක් නැහැ.
ඒ අනුව ලබන 04 වැනිදා පැවැත්වෙන විශ්වාසංභංගය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ වී ඉන් පසුව එළියට විත් අගමැතිවරයාට විරුද්ධ යැයි ප්‍රසිද්ධියේ පැවසීමට ශ්‍රීලනිප මැතිඇමතිවරුන්ට කිසිම අයිතියක් ඇත්තේද නැහැ. ʼʼ යැයි ද පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


