සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද (21දා) පන්ති වර්ජනය කර මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙසට සහ ශිෂ්‍ය ගැටලු විසඳා මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 5000 දක්වා ඉහළ දමන ලෙස ඉල්ලා කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.
පාලකයන් නිදහස් අධ්‍යාපනය විනාශ කර දමා පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමේ සංකල්පයක සිටින බවත්, මේ අනුව බිහි වූ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහාම ඉවත්කළ යුතු බවත් එම සංගමයේ කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා සඳහන් කළේය.
මීට අමතරව පාලකයන් දිගින් දිගටම ශිෂ්‍ය සංගම් මර්දනය කරමින් ශිෂ්‍යයන් මර්දනය කරන බවත්, මෙම කටයුත්ත නවතා දමා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නිදහසේ අධ්‍යාපන කටයුතු කළ හැකි පරිසරයක් විශ්වවිද්‍යාල තුළ ඇති කළ යුතු බවත් ඔහු පවසා සිටියේය.
මෙම ඉල්ලීම් මූලික කරගනිමින් වගකිවයුත්තන් හමුවීමට කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් විරෝධතා පා ගමනක් ආරම්භ කරන බවත්, හමුවීමට යන වගකිවයුත්තන් පිළිබඳව පෙළපාළිය ආරම්භ වූ පසු ප්‍රකාශයට පත්කරන බවත් නජිත් ඉන්දික මහතා සඳහන් කළේය.
බොහෝ විට පා ගමනේ අවසානය ජනාධිපති මන්දිරය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ පාර්ලිමේන්තුව විය හැකි බවද හෙතෙම පවසා සිටියේය.