විශ්වවිද්‍යාලයකට නායකත්වය දිය යුත්තේ මහාචාර්යවරු, ආචාර්යවරු වුවත් අවාසනාවකට අද විශ්වවිද්‍යාලවලට නායකත්වය දෙන්නේ ළමුන්. ඒ වගේම ප්‍රශ්න විසඳා ගන්න මහාචාර්යවරු, ආචාර්යවරු, පීඨාධිපතිවරු නායකත්වය දිය යුතු නමුත් අද සමහර මහාචාර්යවරු, ආචාර්යවරු, පීඨාධිපතිවරු නිහඬයි. යනුවෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ 25 වැනි සංවත්සර උත්සවයට පසුගියදා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අද වෛද්‍ය ශිෂ්‍යයන් පංති වර්ජනය කර තිබෙනවා. සියලු දෙනාම තේරුම් ගත යුතුයි කවුද මේවට අනුබල දෙන්නේ කියලා. විශ්වවිද්‍යාල ස්වාධීනව පවත්වාගැනීමට එකී උපකුලපතිවරුන්ට සම්පූර්ණ නිදහස සහ බලය ලබා දී තිබෙනවා. එමෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය නවීන ලෝකයට ගැළපෙන ආකාරයට වැඩිදියුණු කිරීමටත්, සියලු විශ්වවිද්‍යාලවල මානව හා භෞතික සම්පත් සංවර්ධනය ඉදිරි වසර කීපය තුළ සම්පූර්ණ කරනවා.
මේ වන විට නෙවිල් ප්‍රනාන්දු රෝහල, රජයට පවරා ගෙන තිබෙනවා. සයිටම් ආයතනය 2011 වසරේ පටන් ගත්තේ. අවුරුදු 5ක් ශිෂ්‍යයෝ සයිටම් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. රජයට සයිටම් පවර ගන්න ඕන වුණත් දැන් පවර ගන්න බැහැ.
සියලු දෙනාම මෙය තේරුම් ගන්න ඕනා.” යනුවෙන් සඳහන් කර සිටියේය.