ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 06 ක් දකුණු ආසියාවේ පළමු විශ්වවිද්‍යාල සියය අතරට පැමිණ තිබෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
ඒ අනුව දකුණු ආසියාවේ විශ්වවිද්‍යාල අතර 24 වැනි ස්ථානය කොළඹ විශ්වවිද්‍යාලය ලබාගෙන තිබෙන බවත්, ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2146 වැනි ස්ථානය එම විශ්වවිද්‍යාලයට ලැබී තිබෙන බවද ඔහු පවසා සිටියේය.
මීට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලය දකුණු ආසියාවේ විශ්වවිද්‍යාල අතර 31 වැනි ස්ථානයත්, මොරටුව විශ්වවිද්‍යාලය 32 වැනි ස්ථානයත් ලබාගෙන තිබෙන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට 2417 වැනි ස්ථානයත් මොරටුව විශ්වවිද්‍යාලයට 2897 වැනි ස්ථානයත් හිමිව තිබෙන බවද ඔහු සඳහන් කළේය.
මීට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දකුණු ආසියාවේ 51 වැනි ස්ථානයටත්, ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව 3091 වැනි ස්ථානයටත් පත්ව තිබෙන බවත්, ලංකාවේ විශ්වවිද්‍යාල අතර හතරවැනි ස්ථානයත් එම විශ්වවිද්‍යාලයට හිමිව තිබෙන බවද එස්.බී. දිසානායක මහතා සඳහන් කර සිටියේය.
මීට අමතරව කැලණිය විශ්වවිද්‍යාලය දකුණු ආසියාවේ 56 වැනි ස්ථානයත්, ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව 3194 වැනි ස්ථානයත්, රුහුණු විශ්වවිද්‍යාලය 70 වැනි ස්ථානයත්, ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව 3483 වැනි ස්ථානයත් හිමිකර ගෙන තිබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.