විශ්වවිද්‍යාල පරිපාලනය, අධ්‍යයන හා අනධ්‍යයන කටයුතු සියල්ල කාර්යක්ෂම කිරීමටත්, ශිෂ්‍ය, අචාර්ය, පරිපාලන හා සේවක කටයුතු පහසුවෙන්, වංචා හා දූෂණවලින් තොරව සිදුකිරීමටත් විශ්වවිද්‍යාල පද්ධතිය පරිගණකගත කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.
ප්‍රධාන අංශ 09 ක් යටතේ මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මෙම මෘදුකාංග පද්ධතිය බහුආයතනික, බහු කොට්ඨාසයීය, බහු දෙපාර්තමේන්තු සඳහා පහසුවෙන් යොදාගත හැකි සේ සකස්කර තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.