විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලය වෙත අධ්‍යන 152% ක දීමනාවක් ලබාදෙන විට විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය සදහා අධ්‍යන දීමනාව 20% ක් ලබාදීම අසාධාරන බවත් විශ්ව විද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පැවසීය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සිදුකරන්නේ දේශන පැවැත්වීම පමණක් වන අතර විශ්ව විද්‍යාලයක අන් සියළු කටයුතු සිදුකරන්නේ විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය බවත් එවැනි තත්වයක් තුළ ඔවුන් නොසලකා හැරීම පිළිගත නොහැති බවත් එම සංවිධානයේ සම ලේකම් ධම්මික ප්‍රියන්ත මහතා පැවසීය. විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ගැටලු විසදීමට වත්මන් ආණ්ඩුව කටයුතු නොකරන බැවින් තම සංගමය අනිද්දා(31) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරතවන බව විශ්ව විද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පැවසීය.
අද(29) පුස්ථකාල ප්රලේඛණ සේවා මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුව අදහස් දක්වමින් හෙතෙම මේබව පැවසීය.
ඡායා - ඒශාන් ප්‍රනාන්දු