විශ්ව විද්‍යාල පද්ධතියේ පවතින අඩු පාඩු හදා ගනිමින් මෙරට විශ්ව විද්‍යාල ඉහලම මට්ටමකට ගෙන ඒමට කටයුතු කිරීමට තමා පොරොන්දු වන්නේ යැයි විශ්ව විද්‍යාල අධ්‍යාපනය පිළිබද රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය. මට දේශපාලනයෙන් යැපෙන්නට වත් වැජඹෙන්නවත් වුවමනාවක් නැහැ.මේ රටේ දරුවන්ට ලෝකය ඉදිරියේ වැජඹෙන්න පුලුවන් අධ්‍යාපනයක් ඔවුනට හිමි කර දීමයි මම වැදගත් කොට සලකන්නේ . විශ්ව විද්‍යාලවල තරුණ දරුවන්ගේ ප්‍රශ්න වගේම විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුලත් වෙන්න ඉන්න දරුවන්ගේත් සිතුවිලි හදුනාගනිමින් පරිපාලනමය සහයෝගයත් සමග මා කෙරෙහි තබා තිබෙන විශ්වාසය රැකෙන පරිදි කටයුතු කිරීම තම අපේක්ෂාව බව මොහාන් ලාල් ග්‍රේරු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ නුගේගොඩදීය.