ආධුනික කාලයේ විවාහ වීම හේතුවෙන් රැකියාව අහිමි වූ පොලිස් නිලධාරීන් 149 දෙනෙකු නැවත සේවයට බඳවා ගැනීමට ශ්රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ.
ආධුනික පොලිස් නිලධාරීන්ට බඳවා ගනූ ලැබූ දින සිට වසර තුනක කාලයක් විවාහ වීමට අවසර නැති අතර, එසේ විවාහ වූ පොලිස් නිලධාරීන් 149 දෙනෙක් සේවයෙන් ඉවත් කර තිබේ.
ඔවුන් මෙසේ නැවත සේවයේ පිහිටුවීමට නියමිත අතර, ඔවුන් අතර උප පොලිස් පරීක්ෂකවරු 03ක්, පොලිස් කොස්තාපල්වරු 132ක්, කාන්තා පොලිස් කොස්තාපල්වරු 13ක් හා පොලිස් රියදුරෙකු සිටින බව පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.