විවාද සම්පන්න භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළ සියලුම පරිගණක දත්ත මකා දැමීමේ සැලසුමක් සකස් කර තිබෙන බවට වාර්තා වන නිසා ඊට අදාළ ආරක්ෂාව ලබාදෙන ලෙස දූෂණ විරෝධී පෙරමුණ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම දත්ත මකා දමන ලෙසට සේවකයන් දෙදෙනෙකු නියෝග ලබාදී තිබෙන බවත්, තමන් එම නියෝග ක්රියාත්මක කිරීම එම සේවකයන් දෙදෙනා ප්රතික්ෂේප කර තිබෙන බවට වාර්තා වන බවද එම සංවිධානයේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
විවාද සම්පන්න දෙවැනි බැඳුම්කර නිකුතුව විස්තර දින 36 ක් යනතුරු ලබාගැනීමට නොහැකි ලෙස පරිගණක පද්ධතියට අඟුලු දමා තිබූ බවත්, එහෙත් එම තොරතුරු බොහොමයක් මේ වනවිට සිවිල් සමාජ ක්රියාකාරීන් අතට පත්ව තිබෙන බවද පවසා සිටියේය.