විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් විලච්චිය, කජුවත්ත කුට්ටියන්කුලම ප්‍රදේශයේ ගෝනුන් දඩයම් කිරීමේ ජාවාරමක් වටලා එක් සැකකරුවෙකු හා මස් තොගයක් අත්අඩංගුවට ගත් බව විල්පත්තුව උද්‍යාන පාලක මනෝජ් විද්‍යාරත්න මහතා පවසයි.
විල්පත්තුව වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (05දා) මෙම වැටලීම සිදුකළ බවත්, වැටලීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි සැකකරුවන් පිරිසෙන් පස්දෙනෙකු පලා ගොස් තිබූ නමුත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් වනජීවී නිලධාරීහු පවසති.
සැකකරුවන් කුට්ටියන්කුලම ප්‍රදේශයේ මහ වනය මැද වෙඩි තබා මරන ලද ගෝනුන් දෙදෙනෙකුගේ මස් කිලෝ 110 ක් පමන උද්‍යානය තුළම මැසි සකසා ගින්දර යොදාගනිමින් වේලමින් සිටි බව ඔවුහු සඳහන් කරති.