සයිටම් විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ටවුන් හෝල් ආසන්නයේ කන්නන්ගර මාවත, එෆ්.ආර්.සේනානායක මාවත, ධර්මපාල මාවත යන මාර්ගයන්හී වාහන ගමනාගමනය අද (28දා) අවහිර වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මේ හේතුවෙන් හැකිතාක් වෙනත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටි.
සයිටම් ආයතනයට විරෝධය පල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය විසින් මෙම විරෝධතාවය සිදු කරනු ලබයි.
මීට අමතරව මෙම විරෝධතාවය වලක්වාලන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය අධිකරණයෙන් කරන ලද ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.