www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
අධ්‍යාපන පරිපාලන තනතුරු දේශපාලනික හිතවත්කම් මත ලබාදෙන බවත්, ඒ සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාවක් පසුගියදා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවත් පවසමින් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය විසින් අද (20දා) උදෑසන අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වන ලදී.
එම විරෝධතාවට එරෙහිව තවත් කණ්ඩායමක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට රැස්ව සිටි අතර, ඔවුන් පවසා සිටියේ අධ්‍යාපන පරිපාලන සේවා තනතුරු සඳහා තමන් සුදුසුකම් ලබා තිබුණද පසුගිය ආණ්ඩුව විසින් සිදු කරන ලද දේශපාලන පළිගැනීම්වලට දීර්ඝ කාලයක සිට මුහුණපා සිටි බවයි.
ඒ අනුව තමන්ට සිදු වූ එවැනි අසාධාරණකම් පිළිබඳ වර්තමාන රජය වෙත පැමිණිලි කළ පසු තෝරාගත් පුද්ගලයන් 4600කට ආසන්න පිරිසක් සඳහා සහන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද ඔවුහු එහිදී සඳහන් කළහ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd