සිංහල රාවය ජාතික සංවිධානය විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී දැන් පවත්වන විරෝධතාවක් හේතුවෙන් ඕල්කට් මාවතේ රථ වාහන ගමනාගමනට දැඩි බාධාවක් ඇතිවී තිබේ.
උද්ඝෝෂකයෝ ඕල්කට් මාවතේ එක් මන්තීරුවක් අවහිර කරමින් විරෝධතාවයේ නිරත වී සිටිති.
ගව ඝාතනය නවත්වන ලෙසට හිමිවරුන් විසින් පවත්වාගෙන යනු ලබන සත්යග්රහය නවත්වන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලිපියක් ලබාදුන්නත් එම ලිපියේ තමන් බලාපොරොත්තු වූ විසඳුම් නොමැති බව සිංහල රාවය සංවිධානය පවසයි.
එසේම උද්ඝෝෂණයේ නිරත වී සිටින භික්ෂූන් වහන්සේලා හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්ද ඇතිවිය.