සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළකරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ වූ සිසු විරෝධතාවක් හේතුවෙන් අද (13දා) කොළඹ අවට දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙම විරෝධතාවය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කරමින් පවතින හෙයින් ලෝටස් පාර වසා දමා ඇති බව පොලීසිය සඳහන් කරයි.
මේ හේතුව නිසා මරදාන‚ බොරැල්ල‚ සහ කොටුව ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.