රණවිරුවන්ට සහ රණවිරු පවුල්වල සාමාජිකයන්ට ප්රතිලාභ ලබාදෙන 'විරුසර' වරප්‍රසාද කාඩ්පත හඳුන්වා දීම ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (25දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.
මීට සමගාමීව උතුරු නැගෙනහිර යුද්ධයෙන් පීඩාවට පත් දූ දරුවන් 100 දෙනෙකුට රුපියල් 50,000 බැගින් වූ ශිෂ්‍යත්ව 100 ක් ලබාදීමද සිදු කෙරේ.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම 'විරුසර' වරප්‍රසාද කාඩ්පත ප්‍රථම අදියරේදී යුද, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක සාමාජිකයන් වෙත පිරිනැමෙන අතර, රාජ්‍ය හා පෞද්ගලික ආයතන 45 ක ප්රතිලාභ මේ මගින් ඔවුන් වෙත සැලසෙයි.
ඒ අතරට රාජ්‍ය හා පෞද්ගලික රෝහල්, දුරකථන, අන්තර්ජාල පහසුකම්, පරිගණක දත්ත සමාගම්, දුම්රිය සේවා පහසුකම්, ලීසිං මූල්‍ය පහසුකම්, ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ අලෙවි සැල්, රූපවාහිනී සැටලයිට් නාලිකා සබඳතා, පොදු ප්‍රවාහන සහ ව්‍යාපාර පුහුණු ආයතනද ඇතුළත් වේ.
ත්‍රිවිධ හමුදා පවුල්වල සාමාජිකයන් සහ ආබාධිත රණවිරුවන් ඇතුළු ලක්ෂ තුනක පමණ පිරිසකට ප්රමුඛත්ව පදනම මත මෙම සහන හා සේවා සැලසෙයි.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ රණවිරු සේවා අධිකාරියේ මූලිකත්වයෙන් මෙම ව්‍යාපෘතිය සිදුකෙරේ.