මේ වන විට දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (18දා) වන විට දිස්ත්‍රික්ක පහක පවුල් 91381කට අයත් පුද්ගලයන් 288193ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අනුව මන්නාරම දිස්ත්‍රික්කයේ පුද්ගලයෝ 10612ක්, පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයෝ 216018ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුද්ගලයෝ 50918ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයෝ 9655ක්, පොළොන්නරු දිස්ත්‍රික්කයේ පුද්ගලයෝ 990ක් පීඩාවට පත්ව සිටිති.