වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට රුපියල් 5000ක වියළි සහනාධාරය ලබාදීම සඳහා දිස්ත්‍රික්ක ලේකම්වරුන් 06 දෙනෙකුට රුපියල් බිලියනයක මුදලක් මුදාහැරි බව ජාතික ආපදා සහන මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අනුව මෙම මුදල උපයෝගි කරගෙන මාසිකව රුපියල් 2500 සහනාධාර දෙක බැගින් ජනතාවට ලබාදීමට නියමිත බවත්, අවශ්‍යතාව මත ඉදිරියේදී මුදල් වෙන්කරන බවත් එම මධ්‍යස්ථානයේ අධ්යක්ෂ චමින්ද පතිරාජ මහතා සඳහන් කළේය.
මේ අනුව පුත්තලම, යාපනය, කිළිනොච්චිය, අනුරාධපුර, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්කවලට මෙම මුදල මුදාහැරි බවත්, සංඛ්‍යා ලේඛන ලැබෙන පරිදි අනෙකුත් දිස්ත්‍රික්කවලට මෙම දීමනාව හිමි වන බවත් හෙතෙම පවසා සිටියේය.