පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (08දා) වනවිට දිස්ත්‍රික්ක 19ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 137ක පවුල් 34,1891කට අයත් පුද්ගලයන් 1,191,453ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අතරින් වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර, එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23ක පවුල් 46100කට අයත් පුද්ගලයෝ 151262ක් පීඩාවට පත්ව සිටිති.
මීට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 37004කට අයත් පුද්ගලයන් 140938ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 19685කට අයත් පුද්ගලයන් 65341ක්, අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 16300කට අයත් පුද්ගලයන් 57248ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 6556කට අයත් පුද්ගලයන් 23919ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 19668කට අයත් පුද්ගලයන් 66309ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 39183කට අයත් පුද්ගලයෝ 139055ක්, කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 24006කට අයත් පුද්ගලයෝ 83378ක්, වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් 24507කට අයත් පුද්ගලයෝ85771ක්, මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 35730කට අයත් පුද්ගලයෝ 115308ක්, යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 34129කට අයත් පුද්ගලයෝ 124382ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 15386කට අයත් පුද්ගලයෝ 54152ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 183කට අයත් පුද්ගලයෝ 812ක් පීඩාවට පත්ව සිටිති.
මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් 1749කට අයත් පුද්ගලයන් 7233ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 10493කට අයත් පුද්ගලයන් 38033ක්, මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 6449කට අයත් පුද්ගලයන් 23285ක්, මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 797කට අයත් පුද්ගලයන් 2394ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 870කට අයත් පුද්ගලයන් 2860ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 3096කට අයත් පුද්ගලයන් 9772ක් පීඩාවට පත්ව සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම පිරිස්වලට ජලය සොයාගැනීම දුෂ්කර වී තිබෙන අතර, මේ හේතුවෙන් බවුසර් යොදාගෙන මෙම පිරිස්වලට ජල සැපයුම් සිදුකරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
ජල සැපයුම සඳහා බවුසර 500කට වැඩි ප්‍රමාණයක් යොදවා තිබෙන බවත්, රජය ලබාදීමට සැලසුම් කර තිබෙන රුපියල් 5,000ක නියං සහනාධාරය ලබන සතිය තුළදී ලබාදීමට කටයුතුකරන බවත් හෙතෙම පවසා සිටියේය.
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අදාළ ප්‍රදේශවල සිදුකළ වගා කටයුතු සියල්ලම ඇනහිට තිබේ.
මේ අනුව නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක 03ක, උතුරු මැද පළාතේ දිස්ත්‍රික්ක 02ක, වයඹ පළාතේ දිස්ත්‍රික්ක 05ක, සබරගමු පළාතේ දිස්ත්‍රික්ක 02,ඌව පළාතේ දිස්ත්‍රික්ක 02, මධ්‍යමපළාතේ දිස්ත්‍රික්ක 02ක, බස්නාහිර පළාත් එක් දිස්ත්‍රික්කයක හා දකුණු පළාතේ එක් දිස්ත්‍රික්කයක වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටිති.