පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 3,600කට අයත් පුද්ගලයන් 15,120 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ස‘ඳහන් කරයි.
එම දිස්ත්‍රික්කයේ ජනතාවට පානීය ජලය සොයාගැනීම දුෂ්කර වී තිබෙන බවද එම මධ්‍යස්ථානය ඊයේ (03දා) දිනයේ නිකුත් කළ දෛනික වාර්තාවේ සඳහන් කර තිබේ.
අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය ස්ථාපිත වෙමින් තිබෙන නිසා බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලට අද (04දා) සවස 2.00 න් පස සිහින් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අකුණු සහිත වැසි ඇති වනවිට එම ප්‍ර‘දේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, මේ නිසා අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙසත් කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ සතිස්කා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉල්ලා සිටියි.