ජී 7 සමුළුවට එක්වීම සඳහා ජපානයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ වියට්නාම ආග්‍රමාත්‍ය න්ගයුන් ෂුආන් මහතා අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා අද (26) පස්වරුවේ ජපානයේ නගෝයා නගරයේදී පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන්නැයි ජනපති මෛත්රීපාපල සිරිසේන මහතා කළ ආරාධනවා වියට්නාම අගමැතිවරයා බාර ගත් අතර එම සංචාරය හැකි ඉක්මනින් සිදුකරන බවද ඔහු මෙහිදී පවසා තිබේ.
එසේම ශ්‍රී ලංකාවේ ආයෝජනයට එක්වෙන ලෙසට ජනපතිවරයා වියට්නාම ආයෝජකයන්ට ආරාධනා කළ අතර කෘෂිකර්මය, කර්මාන්ත හා ආයෝජන යන ක්ෂේත්රවලට අදාළව දෙරට අතර පවතින සබඳතා වර්ධනය කර ගැනීමට අවශ්‍ය බවද වියට්නාම අගමැතිවරයා පැවැසීය.