උපවාසයක නිරත වන විමල් වීරවංශ මහතා අද (23දා) දිනය තුළත් ආහාර ප්‍රතික්ෂේප කරමින් නිරාහාරව සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.
ඊයේ (22දා) දිනයේ සිට කිසිදු ආහාරයක් නොගත් නිසා මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් තත්ත්වයකට පත්වෙමින් තිබෙන බවත්, මන්ත්‍රීවරයාට අනතුරක් සිදුවූවහොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතු බවද හෙතෙම පවසා සිටියේය.
රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාව මත බන්ධනාගාර ගතකර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් ආහාර වර්ජනය කරමින් උපවාසයේ නිරත වී සිටියි.