විමල් වීරවංශ මන්ත්රීවරයාගේ දියණිය අද (23දා) සිය ආහාර වර්ජනය කිරීම හේතුවෙන් රෝගාතුරව රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ අතර ඇයගේ පියා වන බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාද තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා අද (23දා) දෙවන දිනටත් ආහාර වර්ජනය කර උපවාසයක නිරතව සිටියි.
පියා ආහාර ගැනීම වර්ජනය කර ඇති හෙයින් දියණියද ආහාර ගැනීම වර්ජනය කර ඇතැයි වාර්තා වේ.