චෝදනා පත්රයක් ගොනු නොකර තමන් සිරගත කිරීමෙන් මහජන නියෝජිතයෙකු වශයෙන් සේවය කිරීමට ඇති අවස්ථාව අහිමිව ඇතැයි සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් කථානායක කරු ජයසූරිය මහතාට අද (22දා) ලිපියක් යොමුකර තිබේ.
ආණ්ඩුව විසින් අධිකරණයට බලපෑම් කරමින් දින 71 කාලයක් තමාට ඇප නොදී සිටින බවත්,වරදක් කර ඇත්නම් ඒ වෙනුවෙන් පවත්වන ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමන් සූදානම් බවත් සඳහන් කරමින් පිටු හයක ලිපියක් මෙසේ යොමුකර තිබේ.
රාජ්ය දේපොළ අවභාවිතය සම්බන්ධ කරුණ සිවිල් නඩු කටයුත්තක් වුවද එය අපරාධ නඩුවක් ලෙසට දක්වමින් තමන්ට විරුද්ධව නඩු පවරා ඇති බවද ඒ මහතා සඳහන් කර තිබේ.
රටේ ජනතාවගේ මහජන ඡන්දයෙන් තේරීපත්වූ මහජන නියෝජිතයෙකු වශයෙන් එම ජනතාව බලාපොරොත්තු වන සේවය ඉටුකිරීමට නොහැකි වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.