තමාට කිසිම ෆයිල් එකක් නොමැති බවත්, තිබුණත් ඒවා තමාට කිසිදු අදාළත්වයක් නොමැති බවත් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍ය විමල් වීරවංශ මහතා 'අද' කළ විමසීමකදී පැවසීය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා,
"මට මොන ෆයිල්ද. මගේ ෆයිල් තියෙනවා නම් ඕන කෙනෙක් ගාව තියා ගත්තාවේ. මට කිසිම අදාළත්වයක් නෑ. මම දන්නවානෙ මම හරිද වැරදිද කියලා. මම හරියි කියලා හිතන හරිදේ වෙනුවෙන් හරියට පෙනී සිටින මිනිහෙක්. එහෙම පෙනී හිටින්න මට කොන්ද පණ තියෙන්නේ කිසිම කෙනෙකුට වරදක් කියන්න පුළුවන් වෙන විදිහට අපි අපේ දේශපාලන ජීවිතය ගෙවල නැති හින්දා" යැයි පැවසීය.