පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට තීරණය කළ බව විමල් වීරවංශ මහතා අද(05) පාර්ලිමේන්තුවට පැවසීය.
මේපිළිබඳ දන්වමින් කථානායක කරු ජයසුරිය මහතාට ලිපියක් යොමුකළද මෙතෙක් තමා ඇතුළු තම පක්ෂයේ මන්ත්රීවරුන්ට ස්වාධීන මන්ත්රීවරුන් ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලබාදී නොමැති බවත් හෙතෙම කීය.
මේපිළිබඳ පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගන්නා බව කථානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.