බන්ධනාගාර ගතකර සිටින විමල් වීරවංශ මහතාට ඇප ලබාදෙන ලෙස හෙට (23දා) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සඳහන් කළේය.
අද (22දා) රාත්‍රී කෑමවේලද මන්ත්‍රීවරයා විසින් මේ වනවිට ප්‍රතික්ෂේප කර තිබෙන බවත්, මෙම ගැටලුව බන්ධනාගාරයෙන් විසඳා ගැනීමට නොහැකි නිසා මෙලෙස අධිකරණයේ පිහිට පතන බවද හෙතෙම පවසා සිටියේය.
බන්ධනාගාරය තුළ කෑම ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් උපවාසයක නිරතවන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සුවදුක් බැලීම සඳහා මේ වනවිට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බන්ධනාගාරයට ගොස් තිබේ.
අද (22දා) උදේ සිට කෑම ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් උපවාසයක නිරත වෙමින් සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ තත්ත්වය බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරු නිරීක්ෂණය කරමින් සිටිති.