(UPDATE) 11.09 A.M.
දින 9ක් ආහාර ලබාගැනීමේ වර්ජනයක නිරතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එම උපවාසය අවසන් කර තිබේ. මහා සංඝරත්නයේ ඉල්ලීම අනුව ඔහු උපවාසය අත්හල බව ජාතික නිදහස් පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.
ආහාර ලබා ගැනීම වර්ජනය කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද දිනයේදීත් සිය උපවාසය ඒ ආකාරයෙන්ම ආරම්භ කර තිබේ. බන්ධනාගාරයේදී ඔහු උපවාසය ආරම්භ කළ අතර පසුව ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කළේය. ඊයේ දිනයේදී ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය.
කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහල තුළත් ඔහු ඒ ආකාරයෙන්ම උපවාසය ආරම්භ කර තිබේ. මන්ත්‍රීවරයා තවදුරටත් ජලය පමණක් භාවිත කරමින් සිටියි. ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මන්ත්‍රීවරයා වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට භාජනය කර තිබේ.